ශ්‍රී ලංකා නාවික හමුදාව , දිගු දුර මෙහෙයුම් නෞකා මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් රුපියල් කෝටි හාරසියයකට අධික වටිනාකමකින් යුතු හෙරෝයින් කිලෝ ග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා පවසයි.
අද (17) දික්ඕවිට ධිවර වරායට ගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය නීරික්ෂණය එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඊයේ (16) ශ්‍රි ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 400කට දුරින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකින් දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ මෙම සැකකරුවන් සිව්දෙනා (04) අත් අඩංගුවට ගත් බවද හෙතෙම පැවසීය.
මෙම ජාවාරම් කාලාන්තරයක සිට සිදු වූ ව්‍යාපාර බවත් නාවික හමුදාව , පොලීසිය ,මත්ද්‍රව්‍ය විශේෂ කාර්ය බලකාය, මත්ද්‍රව්‍ය විමර්ෂණ අංශය සහ ජාත්‍යන්තර සංවිධාන මෙම මෙහෙයුම්වලට මැදිහත් වී ක්රමාණුකූලව තොරතුරු හුවමාරු කරගනිමින් මෙම ක්‍රියාන්විත සාර්ථකව ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
පසුගිය වසරේ නාවික හමුදාව සිදු කළ ක්‍රියාන්විතවලින් සොයා ගත් මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම මිලියන 75,000කට වඩා අධික බවත් මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා සොයා ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 50,000කට අධික බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
සියලුම ජාවාරම්කාරුවන්ගේ තොරතුරු අනාවණය කර ගෙන ඇති බවත් සමාජය සාරධර්මවලින් තොර විකෘති සමාජයක් බිහි කිරීම මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් මඟින් සිදු කර ඇතැයිද පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බස්රථ රියදුරන් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වූ බවත් ඔවුන්ට නිතිය තදින් ක්‍රියාත්මක කරන බවද පැවසුවේය.
ක්‍රියාන්විතවලින් සොයා ගන්නා මත්ද්‍රව්‍ය සුරක්ෂිතව හා ක්රමාණුකූලව විනාශ කරන බවත් එම මත්ද්‍රව්‍ය තොග නැවත සමාජයට යාමට ඉඩ නොතබන බවද අවධාරණය කළේය.
රජය හැටියට අප විනයගරුක රටක් ලෙස ඉදිරියට යා යුතු බවත් “රටම එකට” ජාතික මෙහෙයුම ඉදිරියටත් පවත්වා ගෙන යන බවත් නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන බවද පැවසුවේය.








