දැදුරු ඔයේ දිය නෑමට ගිය පිරිසකින් දෙදෙනෙක් මරුට, තවත් 06 ක් අතුරුදන්

දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයන් 15 දෙනෙකුගෙන් යුත් පිරිසක් අතරින් 10 දෙනෙකු ඊයේ (16) පස්වරුවේ දියේ ගිලී අනතුරකට ලක්ව තිබෙනවා.

දියේ ගිලුණු පිරිස අතරින් දෙදෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර, තවත් දෙදෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. 

ඉතිරි පුද්ගලයන් 06 දෙනා තවමත් අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 07 දෙනෙකු කොබෙයිගනේ ප්‍රදේශයේ සිය ඥාති නිවසකට ගොස් ඇති අතර, පසුව එම නිවසේ පිරිස ද සමඟ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ඔවුන් දිය නෑම සඳහා දැදුරු ඔයට ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අතුරුදන් වූ පිරිස සොයා නාවික හමුදාව සහ පොලිසිය එක්ව තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව සඳහන්.