13 සහ 14 යන දින දෙක තුළ පමණක් මාරක රිය අනතුරු 36ක් කොළඹ ජාතික රෝහලට වාර්තා වී තිබේ.
එම අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව සඳහන්ය.
13 වන දින මාර්ග රිය අනතුරු 19ක් වාර්තා වී ඇති අතර, අවුරුදු දිනය වන 14 වනදා මාරක රිය අනතුරු 17ක් වාර්තා වී ඇති බවයි කොළඹ ජාතික රෝහල ප්රකාශ කළේය.
මේ අතර එම දින දෙක තුළ ගැටුම් 35 ක් වාර්තා වී තිබේ.
13 වන දින ගැටුම් 14ක් වාර්තා වී ඇති අතර, ඊයේ සහ අද පෙරවරුව වන විට ගැටුම් 21ක් ද වාර්තා වී ඇති බව සඳහන්ය.








