අවුරුදු සමය තුළ රෝහල් කාර්ය මණ්ඩලය ඉතා කැපවීමෙන් පැය 24 පුරාම රෝහල තුළ සිටිමින් සේවාවන් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ පවසනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් ජනතාව මෙම උත්සව සමයේදී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් ඔහු මෙලෙස කරුණු දැක්වූවා.
“මේ දිනවල බහුල වශයෙන් ගමන් බිමන්වල යෙදෙනවා නිවෙස් බලා යන නිසා බස් නවත්තන ස්ථාන මාර්ගවල තියෙන කඩවල්වල කෑම ලබාගැනීමේදී පිරිසිදුභාවය පිළිබඳ අවධානය යොමු කරන්න.මේ අවුරුදු කාලය තුළ තමන්ගේ ආරක්ෂාව ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුයි , විශේෂයෙන්ම කුඩා ළමයින් ගිණිකෙළි සම්බන්ධව සිදු කරනු ලබන විනෝද කටයුතුවලදී දැඩි අවධානයක් යොමු කළ යුතුයි. පහුගිය ජනවාරි මාසයේ යම් කිසි අඩුවීමක් දක්නට ලැබුණා අපි අපේක්ෂා කරනවා මේ සිංහල අවුරුද්දෙත් ඒ ආකාරයෙන් යම්කිසි අනතුරුවල අඩුවීමක්,මේ නිසා තමන්ගේ ආරක්ෂාව දැඩි ලෙස සලසා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.”
“අනිත් කාරණය තමයි රිය අනතුරු නිසා සිදුවන අනතුරු මේක පහුගිය සතිය තුළ රිය අනතුරු නිසා අපිට ජීවිත පනහක් පමණ අහිමිවෙලා තියෙනවා. ඒ වගේම අධික වේගයෙන් යන්න එපා. අධික වේගය මාරයා වෙත ඔබ ළං කරයි,ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතා කර කිසිම හේතුවක් මත වාහන ගෙනියන්න එපා,අධික වෙහෙස නිදිමත මේ අනතුරුවලට තවත් හේතුවක් මේ නිසා මේ පිළිබඳ අවධානය යොමු කර ගමන් බිමන් යන්න”
‘මේ අවුරුදු සමය තුළ පිරිසුදු ආහාර පමණක් ආහාරයට ගන්න අපි වෙළඳුන්ටත් උපදෙස් දෙනවා එවැනි ආහාර අලෙවි කරන්න එපා’
“වියලි කාලගුණය සමඟ පානීය ජලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර පානීය ජලය සඳහා පිරිසුදු ජලය පමණක් භාවිතා කරන්න”
‘මේ අවුරුදු සමය තුළ පැණි රස ආහාර වැඩිපුරගන්නවා ඒ වගේම පරිභෝජන රටාව වෙනස් වෙනවා ඔබ රෝගාතුරු නම් වෙනදා ගන්නා ඖෂධ හරි ආකාරවම ගන්න,පුරුදු අවසන් වූ පසු රෝහලට එන ප්‍රමාණය වැඩිවෙනවා මේ නිසා ආහාර රටාව පිළිබඳ දැඩි අවධානය යොමු කරන්න” යනුවෙන් ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා.








