රුපියල් හත්ලක්ෂ හැත්තෑදහසක් වටිනා විසිතුරු පැළ තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ගුවන් තොටුපළ හරිත මාවත ඔස්සේ පිටකර ගෙන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු රේගු භාරයට ගෙන තිබේ.
ඉන්දියාවේ බැංගලොර් නුවර සිට මොහු පැමිණ තිබුණි.
සැකකරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු සිය ගමන් මලු තුළ පැළ 229ක් ඔහු මෙලෙස රැගෙනවිත් ඇත.
ඒවා ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත මෙන්ම ශාක නීරෝධායන පනත යටතේ පවතින වගන්ති උල්ලංඝනය කරමින් නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් තිබේ.








