බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 07 දෙනෙක් වැලිසර නව බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.
ඊයේ (11) දිනයේ අදාළ රැඳවියන් පිරිස වැලිසර බන්ධනාගාරය වෙත මාරු කළ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය.
මෙලෙස මාරු කර යවා ඇති පිරිස අතරට සංවිධානාත්මක අපරාධකරුවන් වන වෙලේසුදා, දෙමටගොඩ චමින්ද, ලොකුපැටී, මිදිගම රුවන්, බැකෝ සමන්, ආමි සම්පත්, මන්නා රමේෂ් යන අය ඇතුළත් වේ.
බූස්ස බන්ධනාගාරයේ සිටින රැඳවියන් විසින් බන්ධනාගාරයේ සිට විවිධ ජාවාරම් සිදු කරන බවට ලැබුණු තොරතුරු මත සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා මෙම පියවර ගෙන තිබේ.
වැලිසර නාවිකා හමුදා කඳවුරේ ඉදිකර ඇති වැලිසර නව බන්ධනාගාරය විශේෂ ආරක්ෂිත විධිවිධානව ඉදිකර ඇති අතර, එම බන්ධනාගාරයේ පළමු රැඳවියන් පිරිස ලෙස මෙම සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස රඳවා තැබීමට පියවර ගෙන ඇත.








