අද (11) දින මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා රථවාහන සඳහා පෙට්‍රල් ඉන්ධන ලබා ගැනීමේදී QR කේතය අවශ්‍ය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙම තාවකාලික පියවර ගත් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසා සිටියේ.
කෙසේ වුවත් ඔත්තේ ඉරට්ටේ ක්‍රමය දිගටම ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








