උත්සව සමය තුළදී ආරක්ෂක අමාත්‍යංශය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආරක්ෂක යාන්ත්‍රණය ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.
අලුත් අවුරුදු සමයේ දිවයින පුරා පැවැත්වෙන විවිධ උත්සව, සංගීත සංදර්ශන සහ ආගමික වැඩසටහන්වලදී ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ මඟින් සිදු කිරීමට නියමිතයි.
මේ සඳහා, කොළඹ පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති අතර, එය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක සම්බන්ධීකරණයෙන් යුතුව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.








