අවුරුද්දට ගමට යන්න ඇති තරම් බස්-කෝච්චි

අලුත් අවු­රු­ද්දට ජන­තා­වට ගම්බිම් බලා යෑමට ඇති තරම් බස් රථ සහ දුම්රිය යොදා ඇතැයි ප්‍රවා­හන බල­ධා­රීහු පව­සති. ගම්බිම් බලා යන සහ ගම්බි­ම්වල සිට නැවත කොළ­ඹට පැමි­ණෙන මගී ජන­තාව වෙනු­වෙන් අම­තර බස් රථ 1500ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ සභා­පති සජීව කන­ක­රත්න මහතා සඳ­හන් කළේය.

අද (09) සිට ලබන 13 දක්වා කොළ­ඹින් බැහැ­රට යෑම­ටත් 15 දා සිට 21 දක්වා කොළ­ඹට පැමී­ණී­ම­ටත් මෙම අති­රේක බස් රථ යොදවා ඇතැයි ද ඒ මහතා කීය.

පළාත් 9 ම කේන්ද්‍ර කර­ග­නි­මින් මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කාරිය සම්බන්ධ කර­ගෙන අම­තර බස් ඇණි ගම­නා­ග­මන කට­යුතු සඳහා යොදා ඇතැයි ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ජන­රාල් නිලාන් මිරැන්ඩෝ මහතා සඳ­හන් කළේය.

සාමාන්‍ය දුම්රිය ගමන් වාර­ව­ලට අම­ත­රව මගී ජන­තාව වෙනු­වෙන් විශේෂ දුම්රිය රැසක් යොදා ඇතැයි දුම්රිය ධාවන අධි­කාරි අසංග සම­ර­සිංහ මහතා කියා සිටි­යේය.

මෙම කාලය තුළ ලංගම සේව­ක­යන්ගේ නිවාඩු අව­ලංගු කර තිබෙන බව කී ලංගම සභා­ප­ති­ව­රයා චාරිකා සඳහා බස් රථ දීම මෙම කාලය තුළ අත්හි­ටුවා ඇතැ­යිද කියා සිටි­යේය.

එමෙන්ම මෙම කාලය තුළ මගී ජන­තා­වට දුම්රිය පිළි­බඳ පැමි­ණිලි සහ විම­සීම් සඳහා දුර­ක­තන අංක 1971 ද ලංගම සඳහා පැමි­ණිලි සහ විම­සීම් සඳහා දුර­ක­තන අංක 1958 ද පෞද්ග­ලික බස් රථ විම­සීම් සඳහා 1955 දුර­ක­තන අංක අම­තන ලෙස ද ප්‍රවා­හන බල­ධා­රීන් ඉල්ලා සිටියි.

අලුත් අවුරු සමය වෙනු­වෙන් මගී ජන­තාව ලක්ෂ දෙක­හ­මා­රත්, තුනත් අතර පිරි­සක් සිය ගම්බිම් බලා පිටත්ව යෑමට සහ නැවත පැමි­ණී­මට නිය­මි­තව ඇත. ඒ අයගේ ප්‍රවා­හන අව­ශ්‍යතා සඳහා දෛනික බස් රථ­ව­ලට අම­ත­රව බස් රථ යොදවා ඇතැ­යිද ප්‍රවා­හන බල­ධා­රීහු කීහ. ප්‍රවා­හන බල­ධා­රීහු මේ බව කියා සිටියේ ඊයේ (08) රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාක­ච්ඡා­ව­කට එක් වෙමිනි.

මෙම අව­ස්ථා­වට එක් වූ ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ජන­රාල් නිලාන් මිරැන්ඩෝ මහතා,

“ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභාව විසින් පළාත් 9 තුළ පිහි­ටුවා ඇති මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කාරි සම්බන්ධ කර­ග­නි­මින් අලුත් අවු­රුදු සේවාව සඳහා බස් යොදා තිබෙ­නවා. සුර­ක්ෂිත ප්‍රවා­හන සේව­යක් ඇති කර­ල­මින් හොඳ සේවා­වක් ලබා දීමට ශ්‍රී ලංකා පොලී­සියේ සහය ලබා ගන්නවා. බැස්ටි­යන් මාවත, නිට්ට­ඹුව, මතු­ගම, පිළි­ය­න්දල, හොරණ, කඩු­වෙල, බිය­ගම ඇතුළු නග­ර­ව­ලින් ඈත පළා­ත්ව­ලට බස් සේවා යොදා තිබෙ­නවා.

තම ගම­නා­න්ත­යට යෑමට කොළ­ඹට පැමි­ණී­ම­ටම අවශ්‍ය නැහැ. පෙර­වරු 5.00 සිට රාත්‍රි 11.00 දක්වා බස් සේවා ක්‍රියා­ත්ම­කයි. නැවත පැමි­ණී­මේදී ආසන ධාරි­තාව ප්‍රති­පූ­ර්ණය කිරී­මට අපි බලා­පො‍ෙ­රාත්තු වෙනවා. ප්‍රථ­ම­ව­රට බැස්ටි­යන් මාවත සිට ගාල්ල දක්වා අධි­වේගී මාර්ගයේ බස් රථ ධාව­න­යට එක් කර තිබෙ­නවා. බස් ගාස්තු වැඩි­පුර අය කිරීම්, ඉතිරි මුදල් නොදීම් ඇතුළු ගැටලු සම්බ­න්ධ­යෙන් පරීක්ෂා කිරී­මට අධී­ක්ෂක කණ්ඩා­යම් යොදා තිබෙ­නවා.”

දුම්රිය ධාවන අධි­කාරි අසංග සම­ර­සිංහ මහතා,

“අලුත් අවු­රුද්ද වෙනු­වෙන් දෛනි­කව ධාව­නය කෙරෙන දුම්රි­යන්ට අම­ත­රව විශේෂ දුම්රිය සේවා යොදා තිබෙ­නවා. ගම්බි­ම්ව­ලට යෑමට සහ නැවත පැමි­ණී­මට විශේෂ දුම්රිය රැසක් යොදා තිබෙ­නවා. දිට්වා සුළි කුණා­ටු­වෙන් පසුව අවලංගු කර තිබූ උතුරු දුම්රිය මාර්ගය ධාවන කට­යුතු අද සිට ක්‍රියා­ත්ම­කයි. ඉදි­රි­යේදී වැඩ අව­සන් වීමට තිබූ මෙම දුම්රිය මාර්ගයේ වැඩ කඩි­න­මින් අව­සන් කර මගී ජන­තා­වට අවශ්‍ය ගම­නා­ග­මන කට­යුතු සඳහා ලබා දීමට අපිට හැකි වුණා.

අද සිට ඉදි­රි­යට එම දුම්රිය දෛනි­කව ධාව­න­යට එක් කෙරෙනු ඇති. උඩ­රට මාර්ගයේ රඹු­ක්කන දක්වා පම­ණක් ධාව­නය කෙරෙන අතර නාව­ල­පි­ටිය සිට හැටන් දක්වා පාසල් සිසුන් වෙනු­වෙන් ධාව­න­යට එක් කර තිබූ දුම්රිය මෙම කාලය තුළ දෛනි­කව ධාව­න­යට එක් කර තිබෙ­නවා.”

සුභා­ෂිණී සේනා­නා­යක