ප්‍රහාර නතර කරන්නේ නම්, සටන් විරාමයකට සහ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය එකඟ වෙයි

ඉරානයට එරෙහි ප්‍රහාර නතර කරන්නේ නම්, සටන් විරාමයකට එකඟ වීමට සූදානම් බව ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, සති දෙකක කාලයක් සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික යාත්‍රාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව සලසා දෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ සම්බන්ධීකරණය ඇතිව සහ පවතින තාක්ෂණික සීමාවන් සැලකිල්ලට ගනිමින්, මෙලෙස සති දෙකක කාලසීමාවක් සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බව ඔහු සිය නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.