නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට

නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ බල ප්‍රදේශය තුළ සංවර්ධන කටයුතු සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින්, 2021 වර්ෂයේදී රජයට අයත් ඉඩමක් සඳහා ඉදිකිරීම් සැලසුමක් අනුමත කර, එමඟින් අදාළ අයදුම්කරුට අයුතු වාසියක් සලසා දීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදු කිරීම යන චෝදනාව මත මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.