අ‍ප්‍රේල් 15දා ශ්‍රී ලංකා­වට ඉර මුදුන් වෙයි

අ‍ප්‍රේල් 15 වැනිදා දක්වා සූර්යයා ශ්‍රී ලංකා­වට ඍජු­වම ඉහ­ළින් පව­තින බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. ඊයේ (06) දහ­වල් 12:13ට බේරු­වල, ගුරු­ළු­බැද්ද, රක්වාන, ගොඩ­ක­වෙල, උඩ­ව­ලව සහ තණ­ම­ල්විල යන ප්‍රදේ­ශ­ව­ලට හිරු මුදුන් වූ බව ද කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි. එ‍සේම මැයි මාසය හෝ ජුනි මාසය වන­විට සුපු­රුදු වර්ෂා­ප­ත­නය ශ්‍රී ලංකා­වට ලැබෙනු ඇතැයි පුරෝ­ක­ථ­නය කරන බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් අතුල කරු­ණා­නා­යක මහතා පව­සයි.

‘නිරිතදිග මෝස­මේදී දැනට තියෙ­න­වාට වඩා වැසි තත්ත්වයේ අඩු­වී­මක් අපේක්ෂා කරන්න පුළු­වන්… ඒ කියන්නේ 30%ට වඩා අඩු­වෙන්න පුළු­වන්. හැබැයි මැයි කියන්නේ එල්නිනෝ එකේ ආර­ම්භ­යක් පම­ණයි. මැයි මාසේ සහ ජූනි මාසය වෙන­කොට සුපු­රුදු වර්ෂාව එයි කියන විශ්වා­සය තියෙ­නවා’ යැයිද කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් අතුල කරු­ණා­නා­යක මහතා පව­සයි.

අද (07) දින දහ­වල් 12:13 ට දෙහි­වල, මහ­ර­ගම, පන්නි­පි­ටිය, පාදුක්ක, ඇහැළිය­ගොඩ, මස්කෙ­ළිය, සිය­ඹ­ලා­ණ්ඩුව සහ පොතු­විල් යන ප්‍රදේ­ශ­ව­ලට හිරු මුදුන් වනු ඇත.

උතුරු, උතුරු-මැද, වයඹ, නැ‍ඟෙන­හිර පළා­ත්වල සහ මොන­රා­ගල, හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­වල ඇතැම් ප්‍රදේ­ශ­වල අද(07) දිනයේ මිනිස් සිරු­රට දැනෙන උණු­සුම අව­ධා­නය යොමු­කළ යුතු මට්ට­මක පව­තින බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. ඊයේ(06) දිනයේ දිව­යිනේ උප­රිම උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 36.2ක් ලෙස හම්බ­න්තොට කාල­ගුණ මධ්‍ය­ස්ථා­න­යෙන් වාර්තා විය.

උපාලි කරු­ණා­රත්න