අද කාලගුණ නිවේදනය

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා. ඒ අනුව අද දහවල් 12:13ට බේරුවල, ගුරුළුබැද්ද, රක්වාන, ගොඩකවෙල, උඩවලව සහ තණමල්විල යන ප්‍රදේශවලට හිරු මුදුන් වීම සිදු වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.