පාස්කු ප්‍රහාරයට අවශ්‍ය සියලු පහසුකම් සපයා ගත්තේ සහරාන් හෂීම් බැවින්, එහි මහ මොළකරු ඔහු හැර වෙන කවුරුන්දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රශ්න කර සිටිනවා.
ප්‍රහාරයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය රැස් කිරීම සහ බෝම්බකරුවන් තෝරාගැනීම සිදු කරන ලද්දේ සහරාන් විසින්ම බවයි සිය පර්යේෂණ කෘතිය වන ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු’ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව අද (31) අමතමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
එසේම බෝම්බ පිපිරවීම් සිදු කළ ස්ථාන තෝරාගනු ලැබුවේ ද සහරාන් විසින් බවත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ අරමුදල් මොහොමඩ් ඊබ්‍රහීම් විසින් සපයා ඇති බවත් ඔහු මෙහිදී අනාවරණය කළා.
ISIS ශ්‍රී ලංකා සංවිධානයේ නායකයා ලෙස සහරාන් ජාත්‍යන්තර ISIS සංවිධානයේ ඉල්ලීමක් ඉටු කළේ නම්, සහ ප්‍රහාරයට අවශ්‍ය සියලු මෙහෙයවීම් ඔහු සිදු කළේ නම්, එහි මහ මොළකරු සහරාන් හැර වෙනත් අයකු විය නොහැකි බවයි උදය ගම්මන්පිල වැඩිදුරටත් අවධාරණය කළේ.







