මෙටා සමාගමෙන් අලුත් තීරණයක්

මෙටා සමාගම එහි විශාල සේවක ප්‍රමාණයක් ඉවත් කිරීමට සුදානම් බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන කටයුතු කිරීමත් සමග ආයතනික වියදම් ඉහළ යාම ඊට හේතුව බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඒ අනුව, මෙටා සමාගමේ සේවකයන්ගෙන් සියයට 20ක ප්‍රතිශතයක් මෙලෙස ඉවත් කෙරෙනු ඇති බව සඳහන් වනවා.

පසුගිය වසර අවසන් වන විට මෙටා සමාගම යටතේ සේවකයින් 79,000ක් පමණ සේවය කර තිබෙනවා.