මෙවර අන්තර් පාසැල් රග්බි තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාව කොළඹදී පැවැත්වුණා.
ඒ අනුව පාසැල් රග්බි තරග වසන්තය උදාකරමින් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය අද (11) ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා දක්වා පැවැත්වෙනවා.
අවසන් මහා තරගය අප්‍රේල් මස 4 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
ඊට මෙරට ප්රමුඛ රග්බි පාසැල් 16 එක් වන අතර, මෙවරත් අන්තර් පාසැල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය සඳහා නිල ගුවන් විදුලි මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ හිරු FM සහ Sun Fm ඇතුළු හිරු මාධ්‍ය ජාලයයි.







