ගුවන් ගමන් අත්හිටුවීම නිසා මෙරට සිටින විදේශිකයන් සඳහා, ගාස්තු අය නොකිරීමේ පදනම මත වීසා බලපත්‍ර කාලසීමාව දීර්ඝ කරයි

ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා, ගාස්තු අය නොකිරීමේ පදනම මත වීසා බලපත්‍ර කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ මේ වන විට පවතින යුදමය වාතාවරණය හේතුවෙන්, එම කලාපය වෙත 2026 පෙබරවාරි 28 දින සිට ගුවන් ගමන් අත්හිටුවීම නිසා මෙරටින් පිටව යාමට නියමිතව සිටි ඇතැම් විදේශිකයන්ට ඔවුන්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය අවසන් වීමට පෙර රටින් බැහැර වීමට නොහැකි වී ඇති බවයි දැක්වෙන්නේ.

ඒ අනුව, මැදපෙරදිග බලා පිටත් වන ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් මෙරටින් පිටවීමට නොහැකි වූ විදේශිකයන්ට දින 14 ක කාලයක් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා දීර්ඝ කිරීම ලබා දීමටත්, තවදුරටත් එවැනි ගුවන් ගමන් අත්හිටුවීම් පවතී නම්, ඔවුන්ගේ වීසා දීර්ඝ කිරීමේ කාලය තවත් දින 14 ක් දක්වා ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමටත් අනුමැතිය ලැබී තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

 news images