කෙහෙල්බද්දර පද්මේ විසින් සිදු කරන ලද සංවිධානාත්මක අපරාධ ජාලයට සහාය දැක්වුවැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගම්පහ විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරික්ෂකවරයෙකු වු බෙන්තට කම්කම්ලාගේ නිරෝෂන් උදිත උදේශාන් නමැත්තා මාර්තු 19 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්.බෝදරගම අද(5) නියෝග කළා.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව එලෙස නියෝග කළා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පවසන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට ආධාර අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.







