විවිධ රටවලට ගුවන් මඟින් භාණ්ඩ යැවීමේ කටයුතු මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ප්‍රමාද විය හැකි බව අධිකාරී (ජාත්‍යන්තර තැපැල්) සමන්මලී පෙරේරා මහත්මිය පැවසුවාය. පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා භාරගත් භාණ්ඩ කිහිපයක් මේ වනවිටත් යැවීමට හැකියාවක් නොලැබුණු බව ද ඒ මහත්මිය ‘දිනමිණ’ට පැවසුවාය.
ඉරානය, ඊශ්‍රායලය සහ සෞදි අරාබිය යන රටවල් සඳහා භාණ්ඩ එවීමෙන් වළකින ලෙස එම රටවල්වලින් දන්වා ඇති බව පැවසූ ඇය, මීට අමතරව දිගු ගමන් සේවාවවලදී සිදුවන ප්‍රමාදයන් නිසා අමෙරිකාව සහ යුරෝපීය රටවලට ද භාණ්ඩ යැවීමේදී යම් ප්‍රමාදයක් සිදුවන බව ද කියා සිටියාය.
විශේෂයෙන්ම එම කලාපය වෙත සිදුකරන ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු වී ඇති බැවින් ජාත්‍යන්තර තැපැල් සේවා කටයුතු ඍජුවම බලපෑමට ලක්ව ඇති බව සමන්මලී පෙරේරා මහත්මිය කීවාය.
ප්‍රමාදවීම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට ද පියවර ගත් බව පැවසූ එම මහත්මිය, ඒ ඒ රටවල තැපැල් පරිපාලන සමඟ අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගෙන යන බව පැවසුවාය. එබැවින්, මේ අවස්ථාවේ පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමින් විදේශයන් වෙත භාණ්ඩ යැවීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව එම මහත්මිය කියා සිටියාය.
නුවන් කොඩිකාර







