ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ජනාධිපතිගෙන් ආරාධනයක්

ශුද්ධ වූ 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආරාධනා කර තිබෙනවා.

ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක විසින් ඊයේ (02) වතිකානයේදී එහි රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම් Msgr. Mihăiță Blaj පියතුමා හමු වී මෙම නිල ආරාධනා පත්‍රය භාර දී ඇති බවයි සඳහන් වන්නේ