හබරණ – පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී සිදු වූ බස් අනතුරකින් පුද්ගලයන් දස දෙනකු තුවාල ලබා තිබෙනවා.
ඇඟලුම් සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක් තවත් බස් රථයක සහ ගොයම් කපන යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරින් බස් රථවල ගමන් ගත් හත් දෙනකු ඇතුළු පුද්ගලයන් 10 දෙනකු තුවාල ලබා හබරණ සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බැවින් දඹුල්ල රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.








