එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි හමුවක්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි හමුවක් නිව්යෝර්ක් නුවරදී කැඳවා තිබෙනවා.

ඒ ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඒකාබද්ධව ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ මැදපෙරදිග උද්ගතව ඇති අස්ථාවරත්වය සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

පවතින අර්බුදය සම්බන්දයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් අවධාරණය කර ඇත්තේ, මෙම යුධමය ක්‍රියාමාර්ග හේතුවෙන් ලොව වඩාත්ම සංවේදී කලාපයක පාලනය කළ නොහැකි සිදුවීම් මාලාවක් ආරම්භ වීමේ අවදානමක් පවතින බවයි.