ඉරාන උත්තරීතර නායකයාගේ අභාවයත් සමඟ රටේ සියලු ම නායකත්ව වගකීම් තාවකාලික ව දැරීම සඳහා තිදෙනකුගෙන් යුත් විශේෂ කවුන්සිලයක් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඉරාන ජනාධිපති Masoud Pezeshkian, අධිකරණ ප්‍රධානියා සහ ආරක්ෂක මණ්ඩලයේ (Guardian Council) එක් නීතිවේදියකු පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, නව උත්තරීතර නායකයකු නිල වශයෙන් තෝරා පත් කර ගන්නා තෙක් රටේ දේශපාලන, ආරක්ෂක සහ ආගමික තීරණ ගැනීමේ බලය මෙම තාවකාලික මණ්ඩලය සතු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඝාතනය මහා අපරාධයක් ලෙස හෙළා දකිමින්, ඊට එරෙහි ව ප්‍රබල ලෙස ප්‍රතිචාර දක්වන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් ප්‍රකාශ කර තිබෙනවා








