ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කළ ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, අදාළ ගැස් තොග අද සිට කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි එම සමාගම සඳහන් කර සිටින්නේ.
ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් හරහා ගෘහස්ත පාරිභෝගිකයන් හට අද සිට සාමාන්‍ය පරිදි අවශ්‍ය ගෑස් සිලින්ඩර මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.








