සුරේෂ් සලේට දින 90 ක රැඳවුම් නියෝග

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය විසින් දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.