කෙරවලපිටිය කුණු කන්දේ හටගත් ගින්න සහ ඒ ආශ්‍රිත පාරිසරික බලපෑම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා වාර්තාවක් කැඳවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
කෙරවලපිටිය ප්‍රදේශයේ වගුරු බිම් ගොඩ කර පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය අංගනයේ පසුගියදා (25) හටගත් ගින්න හේතුවෙන් ප්‍රදේශයේ පාරිසරික පද්ධතියට සහ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.
විශේෂයෙන් වගුරු බිමක අපද්‍රව්‍ය බැහැර කිරීමේදී ඇති වන ස්වභාවික තෙරපුම සහ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් හේතුවෙන් මීතේන් වැනි දහනය වන වායු සිරවීමේ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇති බැවින්, කරුණු කිහිපයක් සම්බන්ධව වැඩ බලන පරිසර අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි විසින් මේ සම්බන්ධව වාර්තාවක් කැඳවා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.









