අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (27) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, එම ජාතික වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ඇතුළු ජනතාවට එම ඉඩමේ පරම අයිතිය නොමැති වීමෙන් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති අතර, ඔවුන් සඳහා නිදහස් ප්‍රදාන පත්‍රයක් ලබා දීමට නියමිතයි.
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ප්‍රතිලාභීන් 500 දෙනකු වෙත අද දිනයේදී එම ප්‍රදාන පත්‍ර ලබාදීම සිදු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.








