පසුගිය වසර අවසානයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ ආපදාවට ලක් වූ විශ්ව විද්‍යාල සිසුන්ට ආර්ථික සහන සැලසීම සඳහා ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ (MTF) භාරකාර මණ්ඩලය විසින් එක්වරක් පමණක් පිරිනැමෙන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.
එම විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇති අතර එම අයදුම්පත් www.mahapola.lk යන මහපොළ වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි.
අයදුම්පත් යොමු කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු ඇතුළත් ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මළල්ගොඩ මහතා විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








