2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් සාකච්ඡාවක්

2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරීන් වෙනුවෙන් හෙට (27) දිනයේ හදිසි සාකච්ඡාවක් ලබා දීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

වසර 17ක සිට තිබෙන ශ්‍රේණි ගැටලුවට විසඳුම් ඉල්ලා දීර්ඝ කාලයක සිට සිදු කරන ලද සාකච්ඡා අසාර්ථක වීම සහ පරිපාලන නිලධාරීන් මෙම ගැටලුව නොසලකා හරිමින් කල් මැරීම යන කරුණු මත, සිය කණ්ඩායම විසින් අනෙක් ග්‍රාම නිලධාරි වෘත්තීය සංගම් සියල්ල සහ පරිපාලන ග්‍රාම නිලධාරි සංගම්වල සහාය ඇතිව වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමේ තීරණයක සිටි බවයි ග්‍රාම නිලධාරි එකමුතුව පවසන්නේ.

2007 වර්ෂයේ පැවැති බඳවා ගැනීමේ තරග විභාගයෙන් සමත්ව ග්‍රාම නිලධාරි සේවයට එක් වූ 2,300 කට අධික, එනම් දැනට සක්‍රීය සේවයේ සිටින නිලධාරීන්ගෙන් 25%කට ආසන්න සංඛ්‍යාවක් 2009/2010 ග්‍රාම නිලධාරි එකමුතුව නියෝජනය කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.