අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි සම්පත් මනම්පේරි නමැත්තා ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
මේ අතර මෙම සිද්ධියට අදාළව කොළඹ උතුර අපරාධ කොට්ඨාසය භාරයේ සිටි බැකෝ සමන් සහ තැඹිලි ළහිරු නමැත්තන් ද ලබන මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.








