ලංවිම වෘත්තීය සමිති හෙට සංකේත වැඩ වර්ජනයක

ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12.00 සිට සවස 6.00 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අදාළ වෘත්තීය සමිති විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.