ශ්රී ලංකා ඉතිහාසයේ පවත්වනු ලබන විශාලතම ආයෝජන හමුව එළඹෙන ජූනි මස 10 වැනි දින පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, එම ආයෝජන හමුව හරහා ලෝකයේ සිටින හොඳම ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ සඳහන් කළේ.
ඒ හරහා මෙරට සිටින අපනයනකරුවන් හට එම ආයෝජකයන් හමු වී මෙරට අපනයන තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වන බවයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.








