මිහින්තලේදී යතුරුපැදියක් ගසක ගැටෙයි: 27 හැවිරිදි තරුණයෙක් මරුට

මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම – ගලෙන්බිඳුණුවැව මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (24) රාත්‍රී කාලයේදී මෙම අනතුර සිදුව ඇත්තේ පාළුවැව ප්‍රදේශයේදීයි.

සීප්පුකුලම දෙස සිට ගලෙන්බිඳුණුවැව දෙසට ධාවනය වූ යතුරුපැදියක්, පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ දෙදෙනෙකුගමන් කර ඇති අතර, තුවාල ලැබූ පැදිකරු සහ පසුපැදිකරු වහාම තම්මැන්නාව රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක්. අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.