ආසියාවේ විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්

ලොව සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන ටි්‍රප් ඇඩ්වයිසර් විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට මෙරට මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් එක්කර තිබෙනවා.

ඒ අනුව, මිරිස්ස වෙරළ තීරය එහි 05 වන ස්ථානයේත්, බෙන්තොට වෙරළ තීරය 07 වන ස්ථානයේත් පවතිනවා

ලොව පුරා සංචාරකයින් විසින් එක්කරන ලද සමාලෝචන සහ ඔවුන්ගේ ප්‍රසාදය සැලකිල්ලට ගෙන මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇති බව සඳහන්.