වාද්දූවෙදී බස් දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනෙක් තුවාල ලබයි

වාද්දූව, මොරොන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේදී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුර සිදු වන අවස්ථාවේදී බස් රථ දෙකෙහිම මගීන් සිට නොමැති අතර, අනතුරින් බස් රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එක් බස් රථ රියදුරකුගේ තත්ත්වය බරපතළ අතර, අනතුර සම්බන්ධයෙන් වාද්දූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.