අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නීතිඥවරයෙක් ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ්

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නීතිඥවරයෙක් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි නීතිඥවරයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.