ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය එක්සත් රාජධානියෙහි සංචාරය අරඹමින් ලන්ඩන් බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී තිබෙනවා.
මෙම වසරේදී එම විහාරස්ථානය සිය 100 වන සංවත්සරය සමරන බැවින්, ඒ වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට ද ඔහු එහිදී පියවර ගෙන ඇති අතර, මහා සංඝරත්නයේ ආශිර්වාදය ද ලබාගත් බවයි වාර්තා වන්නේ.








