ඉංග්‍රීසි මොඩියුලයක නොසුදුසු වෙබ් අඩවියක් ඇතුළත් වීමේ සිද්ධියේ විමර්ශන කඩිනම් කර, සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත්වීමේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කර, වගකිව යුතු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.‍

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය ඊයේ (20) අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම මොඩියුලය මුද්‍රණය කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා.