ගුරුවරුන් 23,000 කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා මේ වන විට අනුමැතිය ලැබී ඇති බවත්, මෙම වසර තුළ එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
පසුගියදා පැවැති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
ඒ අනුව, විවෘත සහ සීමිත පදනම යටතේ විභාග පවත්වමින් මෙලෙස උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ.
මේ තුළින් දැනට පවතින ගුරු හිඟය මෙන්ම ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලු ද සැලකිය යුතු ලෙස අවම වනු ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර සිටියා.








