අද (21) පැවැත්වීමට නියමිත පාකිස්ථාන – නවසීලන්ත තරගය සමගාමීව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.
අද තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 07.00ට ආරම්භ වෙනු ඇති.
ඒ අනුව, එම මාර්ග පහතින්,
1) සංඝරාජ මාවත සහ සුමනදිසි මාවත
2) වින්සන් පෙරේරා මාවත
3) බ්‍රිටෝ බාබා පුල්ලේ ප්‍රෙදෙස, පන්සල පාර, ඛෙත්තාරාම පාර
4) සෙබස්තියන් ඇල පාර
5) අඩි සියේ මාර්ගය
6) ශ්‍රී බෝධිරාජ මාවත
7) මාලිගාවත්ත පටුමග සහ ජුම්මා මස්ජිද් පාර
8) ප්‍රදීපා මාවත සහ සද්ධර්ම මාවත වන අතර තරගය පැවැත්වෙන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ඇතුල්වීමට ඇති මර්ගවලද රථ වාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කෙරෙනවා.








