අකුරේගොඩ ඝාතනයට අනුබල දුන් පොල්ගස්ඕවිට ඩිලා දින 90 දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආයුධ ප්‍රවාහනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ‘පොල්ගස්ඕවිට ඩිලා’ නමැති සැකකරු දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අවසර ලබාගෙන තිබෙනවා.

28 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු පසුගිය 17 වැනිදා පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් ඉකුත් 16 වැනිදා පස්වරුවේ ඝාතනය සඳහා වෙඩික්කරුවන් භාවිත කළ ගිනි අවි ප්‍රවාහනය කළ සොහොයුරන් දෙදෙනකු කොට්ටාවේදී අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත ‘ඩිලා’ නමැති පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.‍