බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා, සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.
බන්ධනාගාර ධාරිතාව 10,500 ක් වුව ද දැනට 39,000 ක් සිටින බවත්, එහි වැරදිකරුවන් නොවූ සැකකරුවන් 28,000 ක් සිටින අතර එයින් 20,000 ක්ම මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිරගත වූවන්ට දඬුවම් අඩුවීමේ ක්‍රමවේදයක් නොමැති බවත්, දීර්ඝකාලීන ව සිරගතව සිටින්නන්ගේ දඬුවම් අඩු වීමේ ක්‍රමයක් සකස් කිරීමට ද විනිසුරු තුරෙයිරාජා යටතේ කමිටුවක් පත් කර ඇති බවයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.








