ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඉන් අනතුරුව අදාල නඩුව අප්‍රේල් මස දෙවනදා කැඳවීමට දිනන නියම වුණා.








