ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩිකාවන් හෙට ඉන්දියාව සමග පළමු අවසන් පූර්ව තරගයට

තායිලන්තයේ පැවැත්වෙන නැගී එන කාන්තා ක්‍රිකට් ආසියනු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩිකාවන් හෙට පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් සමගයි.

එමෙන්ම, බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවන් සහ පාකිස්තාන යොවුන් ක්‍රීඩිකාවන් ද හෙට දෙවන අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කරනවා.

ඒ අනුව මෙම තරගවලින් ජයගන්නා කණ්ඩායම් දෙක ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.