දිවයිනේ ප්රදේශ කිහිපයක ගෑස් හිඟයක් පවතින බවට වාර්තා වනවා.
ප්රාදේශීය වාර්තාකරුවන් සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වූයේ ඇතැම් ජනාකීර්ණ ප්රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.
ගාල්ල, තනිපොල්ගහ ප්රදේශයේ වසා දමා තිබූ ගෑස් අලෙවි නියෝජිතායතනයක් ඊයේ පාරිභෝගික සේවා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විවෘත කර පාරිභෝගිකයින්ට ගෑස් ලබා දීමට පියවර ගත් බවයි ප්රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
දිවයින පුරා ප්රමාණවත් පරිදි ගෑස් තොග වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ගෑස් සමාගම් පවසනවා.








