පාර්ලි­මේ­න්තුවේ ප්‍රශ්න ඇසීමේ අයි­තිය ආණ්ඩු­වට-විප­ක්ෂ­යට දෙයා­කා­ර­යක්

පාර්ලි­මේ­න්තුව තුළ ප්‍රශ්න ඇසීම සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක වන්නේ ආණ්ඩු­වට එක් නිද­හ­සක් සහ විප­ක්ෂ­යට තවත් නිද­හ­සක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ‍ ප්‍රකාශ කළේය.

වැඩි­දු­ර­ටත් අද­හස් පළ­කළ සජිත් ප්‍රේම­දාස මහතා,

“සභා­නා­ය­ක­ව­රයා විවි­ධා­කා­රයේ වචන හසු­රු­ව­නවා. මම පාර්ලි­මේ­න්තුවේදී කාන්තා කොමි­සම ගැන ප්‍රශ්න­යක් අහ­නවා. ඇමැ­ති­ව­රිය උත්තර දෙනවා. ඇමැ­ති­ව­රිය කොහොම කිවු­වත් කාන්තා­වන් පිළි­බඳ කොමි­ෂන් සභාව ගැසට් කර තිබෙ­නවා. රමණී ජය­සු­න්දර මහ­ත්මිය කාන්තා කොමි­සමේ සභා­ප­ති­නිය ඉල්ලා අස්වෙ­නවා. එහි ස්වාධී­න­ත්වය වෙනු­වෙන් ඉල්ලා අස් වෙනවා.

තමන්ගේ කාර්ය මණ්ඩ­ලය පත්කර ගැනී­මට නොහැ­කි­වීම සහ ප්‍රධාන විධා­යක නිල­ධා­රි­යකු පත්කර තිබෙ­නවා. ජනා­ධි­පති ලේක­ම්ව­රයා හමු­වන්න අව­ස්ථා­වක් දෙන්නෙත් නැහැ. ඒ කාරණා ගැනයි මම කතා කළේ. මේ නිසා උග­න්වන්න කැමැති. ඉගෙන ගන්න කියා සභා­නා­ය­ක­ව­රයා කිය­නවා. කාන්තා ඇමැ­ති­ව­රිය ද නිවැ­ර­දිව කරුණු අව­බෝධ කර­ගෙන නොවෙයි උත්තර දෙන්නේ.

අපි ප්‍රශ්න ඇති කර ගන්නවා කිය­නවා. 2025 වසරේ ජන­වාරි මාසයේ දී කාන්තා කොමි­ස­මට අවශ්‍ය නම් දෙකක් යවා තිබෙ­නවා. කාන්තා කොමි­සම ස්ථාපිත කළේ සැප්තැ­ම්බර් මාසයේ දී වෙනවා. පරි­පූ­රක ඇස්ත­මේ­න්තු­වක් හරහා මේ කාන්තා කොමි­සම ස්ථාප­නය කරන්න. ඊට අවශ්‍ය ප්‍රති­පා­දන ලබා­දෙන්න පුළු­වන්. ඒවා ක්‍රියා­ත්මක කළේ නැහැ. මේ ප්‍රශ්නය පාර්ලි­මේ­න්තු­වට දැම්මාට පසුව කාන්තා සංස­ද­යට වෙලා­වක් අර­ගෙන ජනා­ධි­පති ලේක­ම්ව­රයා හමු­වෙලා යම් යම් එක­ඟ­තා­වන්ට එන්න හැකිව තිබෙ­නවා.

මිලි­යන 50ක් දෙන්න මේ වන­විට එකඟ වී තිබෙ­නවා. ඉල්ලපු ප්‍රමා­ණ­යෙන් තුනෙන් එකක ප්‍රමා­ණ­යක් දෙන්නම් කියා තිබෙ­නවා. මේ රජය කාන්තා­ව­න්ගෙන් වරම අර­ගෙන කාන්තා අමා­ත්‍යාං­ශය යට­තට ගත්තා ස්වාධී­නව ක්‍රියා­ත්මක විය­යුතු කාන්තා කොමි­සම.

මෙහි ක්‍රියා­දා­මය හෙළි කර­න­විට අපිට කිය­නවා ඉගෙන ගන්න කියා. අපිට කාගෙන් හෝ ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. අපි යම්කිසි අව­බෝ­ධ­ය­කින් පාර්ලි­මේ­න්තු­වට එනවා. අධ්‍යා­ප­නය සම්බ­න්ධ­යෙන් අහන ප්‍රශ්න ද ප්‍රති­ක්ෂේප කර තිබෙ­නවා. මෙරට අධ්‍යා­පන ක්ෂේත්‍රය පිළි­බඳ අධ්‍යා­පන ඇමැ­ති­ව­රි­ය­ගෙන් ප්‍රශ්න කරන්න විපක්ෂ නාය­ක­ව­ර­යාට බැහැ. මම අධ්‍යා­ප­නය සම්බ­න්ධ­යෙන් අහන්නේ අසභ්‍ය ප්‍රශ්න­යක් ද?”