ජන­පති ඉන්දි­යා­වට

ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහ­තාගේ විශේෂ ආරා­ධ­නය අනුව AI Impact Summit 2026 සඳහා සහ­භාගි වීමට මෙර­ටින් පිටත්ව ගිය ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊයේ (17) පස්ව­රුවේ නව­දිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ වෙත ළඟා විය.

රාජ්‍ය අමාත්‍ය Shri Raj Bhushan Choudhary මහතා ඇතුළු පිරි­සක් විසින් එහිදී ජනා­ධි­ප­ති­ව­ර­යාව හර­ස­රින් පිළි­ගන්නා ලදි.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ග­යාගේ යහ­පත උදෙසා වග­කීම් සහ­ග­තව භාවිත කිරීමේ අර­මු­ණින් AI Impact Summit 2026 නව­දිල්ලි නුව­රදී පැවැ­ත්වෙන අතර ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා හෙට ( 19 ) සමු­ළුව ඇම­තී­මට නිය­මි­තය.

මෙම සංචා­රය අත­ර­තුර ජනා­ධි­ප­ති­ව­රයා ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නාය­ක­යන් කිහිප දෙනකු සමඟ ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වී­ම­ටද නිය­මි­තව තිබේ.

ඩිජි­ටල් ආර්ථි­කය පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක හාන්ස් විජේ­සූ­රිය, ඩිජි­ටල් ආර්ථික අමා­ත්‍යාං­ශයේ ලේකම් වරුණ ශ්‍රී ධන­පාල මහ­ත්ව­රුද ජනා­ධි­ප­ති­ව­රයා සමඟ සමු­ළු­වට එක්වී­මට නිය­මි­තය.