කුසල් මෙන්ඩිස්ගෙන් T20 ක්‍රිකට් වාර්තාවක්

2026 විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සුවිශේෂී දක්ෂතාවක් දක්වමින ක්‍රිකට් ඉතිහාස පොතට අලුත් පිටුවක් එක් කිරීමට සමත්ව තිබෙනවා.

තරගාවලිය පුරා අතිවිශිෂ්ට පිතිකරණයක නිරත වන මෙන්ඩිස්, විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රතිඵලදායී අර්ධ ශතක තුනක් පිට පිටම (Consecutive Fifties) ලබාගත් ක්‍රීඩකයින් අතරට එක් වෙමින්.

විශේෂයෙන්ම අයර්ලන්තයට එරෙහිව පැවති තරඟයේදී ඔහු දැක්වූ දක්ෂතාවය ඔහුගේ මෙම වාර්තාව සම්පූර්ණ කිරීමට මහත් පිටුවහලක් වී ඇති බව‍යි විචාරකයින් පවසන්නේ.

මෙම දක්ෂතාවයත් සමඟ ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රමුඛතම පිතිකරුවන් කිහිප දෙනෙකු අතරට එක් වීමට කුසල්ට අවස්ථාව ලැබුණු අතර මීට පෙර මෙම සුවිශේෂී දක්ෂතාවය දක්වා ඇත්තේ විරාත් කෝලි , බාබර් අසාම්, කේ.එල්. රාහුල්, සහ මහේල ජයවර්ධන යන ක්‍රීඩකයින්.