කොළඹ සිට ත්රිකුණාමලය බලා ධාවනය වුණු අංක 943 දරන රාත්රී තැපැල් දුම්රියෙහි, කිතුල්උතුව 151 කණුව අසලදී වන අලියකු ගැටීම නිසා අද (17) අලුයම එම දුම්රිය පීලි පැනීමට ලක්වී තිබෙනවා.
දුම්රිය එන්ජිමේ ගැටුනු වන අලියා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවත්, අලියාගේ පාදයේ කොටස් එන්ජිම් කොටසේ සිරවීම නිසා එම දුම්රිය මෙසේ පීලි පැනීමට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.
මෙම වන අලියා කවුඩුල්ල රක්ෂිතයේ සිට සෝමාවතිය රක්ෂිතයට දුම්රිය මාර්ගය ඔස්සේ මාරු වීමේදී මෙසේ දුම්රියේ ගැටී තිබෙනවා.
මිය ගිය වන අලියා වයස අවුරුදු පහළොවක පමණ වන අලියෙක් වන අතර උස අඩි හතක් පමණ වන බව ද වනජීවී නිලධාරීන් වැඩිදුරටත් ප්රකාශ කර සිටියා.








