ජනපති අනුර අද ඉන්දියාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනය අනුව, AI Impact Summit 2026 සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබන 19 වැනිදා සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.

දින 05 ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20 ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.